පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන් 100ක් කොරෝනා මර්දන රාජකාරි වෙත
Monday, 27 April 2020 - 14:45 | Views - 855
පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් සියදෙනෙකු පමණ කොරෝනා මර්දන කටයුතු සඳහා ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බවයි.
කොරෝනා මර්දනය සඳහා පොලිස් නිලධාරීන් 500 දෙනෙකුගේ පමණ අවශ්‍යතාවක් පවතින බවට වැඩබලන පොලිස්පතිවරයා දැනුම්දුන් බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පිරිසෙන් කොටසක් මෙලෙස ලබාදෙන අතර, අවශ්‍යතාව පරිදි යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් ඊට අනුයුක්ත කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු පිවිසුමේ කටයුතු තවදුරටත් පාර්ලිමේන්තු පොලීසිය මගින් සිදු කෙරෙනු ඇති.
Share This Article