පාස්කු දින ප්‍රහාරයට වසරක් ගතවෙද්දී සහරාන් ඇතුලු පිරිස රැස්වූ ස්ථාන කිහිපයක් සොයාගැනේ
Monday, 27 April 2020 - 13:56 | Views - 707
පසුගිය වසරේ පාස්කු ඉරිදා මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුලු පිරිස ප්‍රහාර සැළසුම් කිරීම සඳහා එක්රැස්වූ ස්ථාන කිහිපයක් ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සාදික් නමැති ප්‍රධාන පෙළේ සැකකරුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රදේශය වෙත රැගෙන ගිය අවස්ථාවේදී මෙම ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු හෙලි කර තිබෙනවා.
මෙම සැකකරු මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමේ ප්‍රධාන චූදිතයෙක් ද වනවා.
ඔහු 2014 වසරේදී තුර්කිය හරහා සිරියාවට ගොස් අයි එස් පුහුණුව ලබා ඇති බවයි විමර්ශනවලදී හෙලි වී ඇත්තේ.
Share This Article