නාවුක සෙබළුන් 136කට කොරෝනා - නිරෝධායන වන සෙබළුන් යළි කැඳවීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොසතුටින්
Monday, 27 April 2020 - 13:27 | Views - 4,986
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් විසින් එය නිරීක්ෂණය කරනු ලබනවා.

මේ වනවිට නිකුත් වී ඇති වාර්තාවලට අනුව නාවික හමුදාවේ සෙබළුන් 136 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පවතින තත්ත්වය මත වැලිසර කඳවුරේ සේවය කරමින් සිටියදී දැනට නිවාඩු ලබා සිටින සියලු භට පිරිස් යළි කැඳවීමට නාවික හමුදාව ඊයේ තීරණය කළා.

එමෙන්ම යුද හමුදාව සහ ගුවන් හමුදාවද පසුව සිය නිවාඩු ගිය භට පිරිස් යළි කැඳවීමට තීරණය කළ අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමටයි පියවර ගැනුනේ.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය ප්‍රකාශ කළේ දැනටමත් නිරෝධායනයට ලක්ව සිටින නාවික හමුදා නිලධාරීන් කඳවුරු වෙත කැඳවීම තුළින් නිරෝධායන නීති උල්ලංඝනය වන බවයි.

අද දිනයේත් නිවාඩු ලබා නිවෙස් වෙත පැමිණ සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව පරීක්ෂණවලට ලක් කිරීමට සැළසුම් කර තිබූ බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නිරෝධායනයට ලක් වෙමින් සිටින නාවික හමුදා සෙබළුන් යළි කැඳවීම සිදුවන්නේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බලධාරීන්ගේ අනුමැතිය මත පමණක් බවයි.

එමෙන්ම නිවාඩු ලබාගිය නාවික හමුදා සෙබළුන් විශාල පිරිසක් මේ වනවිට යළි සිය හමුදා කඳවුරු වෙත වාර්තා කර ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ තූර්යවාදක කණ්ඩායමේ භටයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ දිනයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණය මගින් මේ බව අනාවරණ වී ඇති අතර, ඔහු සමඟ සිටි තවත් පිරිසක් එම පරීක්ෂණයට ලක් කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම නාවික හමුදාව සමඟ පසුගිය දිනවල රාජකාරිවල නිරතවූ තවත් ගුවන් හමුදා භට පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත බව සඳහන්.

මෙරට කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වාර්තාවන්නේ 523ක් ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top