කොවිඩ් 19 වැළක්වීමේ ප්‍රධාන මෙවලම ඇදිරි නීතියයි
Monday, 27 April 2020 - 13:06 | Views - 3,412
නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ප්‍රධාන මෙවලම ලෙස ඇඳිරි නීතිය භාවිත කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

හිරු ටී.වී. ඔස්සේ විකාශය වන රට සහ හෙට වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ වගකීම පොලිීසිය සතු බවයි.

කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද එම වැඩසටහනට එක්ව සිටියා.

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසු වන පරිදි අද දිනයේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඊයේ තීරණය කළා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට අද ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කොට එදින රාත්‍රී 8ට යළි පනවන බවයි.

එමෙන්ම අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,309 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 348 ක්.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලසීමාව තුළ පුද්ගලයින් 39,875 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 10,257ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අතර බංග්ලාදේශයේ රැඳී සිටින සිසුන් පිරිසක් අද රාත්‍රි 7.45 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතයි.

මීට පෙර ඉන්දියාව, පාකිස්ථානය සහ නේපාලය යන රටවල රැඳී සිටි සිසුන් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top