නිරෝධායන මධ්‍යස්ථාන ලෙස කිසිදු පාසලක් යොදාගන්නේ නැහැ
Monday, 27 April 2020 - 12:59 | Views - 613

නිරෝධායන මධ්‍යස්ථාන ලෙස කිසිදු පාසලක් යොදා නොගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළා.
එහෙත් සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පැමිණි පසු නියමිත ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනිමට කඳවුරු තුළ ඉඩ පහසුකම් මදි වුවහොත් ඒ සඳහා එම කඳවුරු අසල ඇති පාසල් භාවිතා කිරීමට ඉඩ ලබාදෙන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
සියලුම හමුදා සාමාජිකයින් කඳවුරු තුළම රඳවාගැනීමට හැකි උපරිම පියවර ගන්නා බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.
ආරක්ෂක අංශ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද ප්‍රකාශ කර තිබුණා. රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, කොටහේන මහා විද්‍යාලය, බත්තරමුල්ල සුභූති විද්‍යාලය, ඇතුලු කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් එලෙස ලබාදී ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ ආසාදිත බවට සැකසහිත හෝ නිරෝධායනයට යොමු කළ ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවිටකත් පාසල් වෙත යොමු නොකරන බවයි.
Share This Article