මෘත ශරීර බෑග් ගැන ලිපිය සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියට පත්වීම පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලයි
මෘත ශරීර බහාලන බෑග් 1,000ක් ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස කමිටුව වෙත යොමුකළ ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේදී දැඩි ලෙස කථාබහට ලක්වුණා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෘත ශරීර බහාලන බෑග් 1,000ක් ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස කමිටුවෙන් ඉල්ලා සිටියේ මෙරට කොරෝනා මරණ එතරම් සංඛ්‍යාවක් සිදුවෙතැයි අපේක්ෂාවෙන් නොවන බවයි.
දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සාර්ථක කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩපිළිවෙළ අනුව එවැනි අවාසනාවන්ත තත්වයක් කිසිසේත්ම ඇතිවිය නොහැකි බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
මෙරට කොරෝනා මරණ අනුපාතය ඉතාම අවම මට්ටමක පවතින අතර, රෝගීන් සංඛ්‍යාවද අවම මට්ටමේ පවතිනවා.
මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවූ කොරෝනා පොකුරුවලින් තවදුරටත් රෝගය ව්‍යාප්ත නොවීමට අවශ්‍ය සාර්ථක ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.
තාක්ෂණික අවශ්‍යතාව මත මෘත ශරීර බහාලන බෑග් පමණක් නොව ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ ද තොග යම් නිශ්චිත ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශය මගින් පවත්වාගෙන යනු ලබන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ දේහද අදාළ විශේෂිත බෑග්වල බහාතැබීම සිදුවූ අතර, එය ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන ක්‍රමවේදයක් බැවින් අනවශ්‍ය බියක් ඇති කරගැනීමට හේතුවක් නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංංශය මෘත ශරීර බහාලන බෑග් 1,000ක් ලබාදෙන ලෙසට ජාත්‍යන්තර රතු කුරුස කමිටුව වෙත යොමුකළ ලිපිය අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට වෛද්‍ය සේවා අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද සිල්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.