අනියම් සබඳකම් පැවැත්වූ වැන්දඹු කාන්තාව සාහසික ලෙස ඝාතනය කළ පාපතරයා, සියල්ල පාපොච්චාරණය කරයි
Monday, 27 April 2020 - 12:15 | Views - 1,512
මීගහවත්ත පොලිස් වසමට අයත් දික්වල ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ කාන්තාවක් නිවස තුළම ඝාතනය කර තිබියදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
 
මෙලෙස මියගොස් ඇත්තේ රණතුංග ආරච්චිගේ ස්වර්ණකාන්ති නමැති 52 හැවිරිදි වැන්දඹු කාන්තාක්.

සැමියා මියගොස් නිවසේ තනිව වාසය කර ඇති ඇය දෙදරු මවක් වන අතර ඇගේ දරුවන් ඥාති නිවසක වාසය කරන අතර මියගිය කාන්තාව පමණක් එම නිවසේ තනිව වාසය කර ඇති බවයි වාර්තා වන්නේ.
 
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඝාතනය සිදු වූ ස්ථානයට ගොස් සිදු කළ ස්ථානීය පරීක්ෂාවෙන් පසු අනාවරණය කරගත් තොරතුරුවලට අනුව එම නිවසට ආසන්න නිවසක පදිංචි මත්කුඩු ලෝලී 35 හැවිරිදි පුද්ගලයකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු මෙම මිනිස් ඝාතනය සිදු කළ අන්දම පිළිබඳව පොලිසියට පාපෝච්චාරණය කර තිබෙනවා.
 
මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිව සිට ඇති මෙම සැකකරු සහ ඝාතනයට ලක්වූ කාන්තාව සමඟ කාලයක් අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර තනිව වාසය කර ඇති ඇයගෙන් මත්කුඩු බීමට වරින් වර මුදල් ඉල්ලා සිටීම නිසා ආරවුල් ඇති වී සම්බන්ධතාව නතර වී තිබී තිබෙනවා.
 
මෙම ඝාතනය සිදු වූ ඉකුත් 21 වැනිදාට පෙර 19 වැනිදා රාත්‍රි සැකකරු කාන්තාව පදිංචි නිවස අසලට පැමිණ ගේ වටා ගොස් ඇයට කතා කර ඇති අතර ඇය නිවසේ ‍ෙදාර නොඇර නිහඬව සිට ඇති බව සඳහන්.
 
මියගිය කාන්තාවගේ නැඟණියක් ඒ අසල පදිංචිව සිටින අතර ඇය නැඟණියට දුරකථන ඇමතුමක් දීමෙන් පසු ඔවුන් රාත්‍රියේම නිවසට එනු දුටු සැකකරු පලාගොස් තිබෙනවා.
 
පසුදා සැකකරුගේ නිවසට ගොස් ඇති ඇය සැකකරුගෙන් ඇයට හිරිහැර ඇති බවත් මුදල් ඉල්ලා කරදර කරන බවත් ඔහුගේ මවට සහ සහෝදරයාට කියා ඇති අතර පොලිසියට පැමිණිලි කරන බවද පවසා ඇති බව වාර්තා වනවා.
 
සැකකරු මුදල් ඉල්ලමින් කරදර කරන බව දන්නා මියගිය කාන්තාව ඇය සතුව තිබූ රන්මාලයක්, රුපියල් 10,000ක්, බැංකු කාඩ්පතක් නැඟණියට බාරදී තිබෙනවා.
 
ඉන්පසු ඝාතනය සිදු වූ 21 වැනිදා රාත්‍රි ඇගේ නිවසේ විවෘතව තිබූ ඉදිරිපස ‍ෙදාරෙන් ගෙට ඇතුළු වී ඇති සැකකරු කාන්තාවගෙන් නිවසට ගොස් ඔහුගේ මවට කේලාම් කීවේ ඇයිදැයි යන්නත් ඔහුට විරුද්ධව පොලිසියට පැමිණිලි කළේ ඇයිද යන්නත්, අසමින් ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.
 
තමා නිවසට ගිය බවත් මවට කියූ බවත් නමුත් පොලිසියට පැමිණිලි නොකළ බවත් ඇය පවසා ඇති බව සඳහන්.
 
සැකකරු මේසයක් මත තිබූ පිහියක් රැගෙන ගෙලට තබා තර්ජනය කර ඇය හැඳ සිටි රාත්‍රි නිදන ඇඳුම ගලවා දමන ලෙස අණ කර ඇගෙන් මුදල් ඉල්ලා තර්ජනය කර තිබෙනවා.
 
මුදල් නැති බව පැවැසූ හෙයින් පිහියෙන් ගෙල සූරා දමමින් පහර කීපයක් එල්ල කරද්දී කාන්තාව ඇඳ මතට ඇදවැටී ඇති අතර සැකකරු ඒ අසල තිබූ පුටුවක් ගෙන ඇගේ හිසට පහර දී ඇය නිසල වූ පසු කැඩුණු පුටු කකුල් ටිකද ගෙන පලා ගොස් ඇති බව සඳහන්.
 
ඒ වනවිට ඇගේ කරේ තිබූ චේන්පොට ඇඳ මත වැටී තිබූ අතර එයත් රැගෙන පලායමින් පුටු කකුල් මියගිය කාන්තාවගේ වත්තේ පාළු පෙදෙසකට විසිකර තිබෙනවා.
 
අසල ළිඳකින් දිය නා නිවසට ගොස් වෙනත් ඇඳුමක් ඇඳ තෙත ඇඳුම් බෑගයක දමාගෙන පැමිණ සරම සහ ටීෂර්ටය දෙපළකට විසි කර දමා ඇති බව සඳහන්.
 
චේන්පට උකසට තබා මුදල් ලබාදෙන ලෙස මාධව නමැති මත්කුඩු ලෝලී මිතුරකුට පවසා ඇති අතර 'මාලය කොහෙන්දැයි' විමසූ විට 'මම කාන්තිව මැරුවා. මේ කාන්තිගේ මාලය'යැයි පවසා තිබෙනවා.
 
'එය රෝල් ගෝල්ඩ් එකක්' යැයි මිතුරා පැවසීමෙන් පසු ඔහුම ගොස් අසල්වැසි නිවසක වයස්ගත කාන්තාවකගෙන් චේන්පට උකස් කර රුපියල් 2000ක් ගෙන, එයින් මත්කුඩු පානය කර පසුදා නැවතත් එම නිවසට ගොස් සැකකරු සතුව තිබූ නිදන මෙට්ටයක්, චේන් පට උකස් ගත් කාන්තාවට දී චේන්පට ඉල්ලා ගෙන එය රත්රන් නොවන බව පවසා එය විසිකර දමා මෙට්ටය ඇයට විකුණා තවත් රුපියල් 1500ක් ඇගෙන් ඉල්ලා ගෙන ගොස් මත්කුඩු බිවූ බවත් සැකකරු පාපෝච්චාරණය කර තිබෙනවා.
 
මියගිය කාන්තාවගේ සොහොයුරෙක් 22 වැනිදා දහවල් ඇගේ නිවසේ විදුලි පහන් දැල්වෙමින් රූපවාහිනි යන්ත්‍රයද ක්‍රියාත්මක කර ‍ෙදාර බාගෙට ඇර දමා ඇතත් ඇයව දක්නට නොමැති හෙයින් නිවසට පැමිණ බලද්දී ඇගේ නිරුවත් මළ සිරුර නිවසේ වැටී තිබෙන අයුරු දැක තිබෙනවා.
 
24 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගහවත්ත පොලිසියට භාරදුන් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පැවැසූවා.
 
මව්බිම පුවත්පත
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top