පැය 24ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 1,396ක්
Monday, 27 April 2020 - 11:12 | Views - 347
ඉන්දියාවේ ගතවූ පැය 24 ක කාලය තුළ නව කොරෝනා ආසාදිතයන් 1,396 දෙනෙකු හඳුනාගෙන ඇති බව එරට වාර්තා සඳහන් කළා.
ඒ අනුව එරට මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27,892 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ගතවූ පැය 24ක කාලය තුළ ඉන්දියාවෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 48 ක් වන අතර, ඒ අනුව එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාවද 881ක් බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
Share This Article