මැනිං වෙළඳපොල අනිද්දා සිට යළි තොග වෙළඳාම සඳහා විවෘතයි
Monday, 27 April 2020 - 11:02 | Views - 544
කොළඹ - මැනිං වෙළඳපොල අනිද්දා සිට තොග වෙළඳ කටයුතු සඳහා පමණක් යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉරිදා හැර සතියේ සෑම දිනකම අලුයම හතරේ සිට පස්වරු එක දක්වා එය විවෘතව තැබෙන බවයි මැනිං පොදු වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක සඳහන් කළේ.
සෑම ඉරිදා දිනකදීම වෙළඳපොල විෂබීජහරණයට ලක් කිරීමටද කටයුතු යොදා තිබෙනවා.
මැනිං වෙළඳපොල වෙත පැමිණීමේදී සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසයි උප සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article