මාව ඒ කාලේ පන්දු යවන්නන්ට ඇණයක් වෙලා තිබුණේ
Monday, 27 April 2020 - 10:56 | Views - 646


1989 දී ටෙස්ට් වරම් ලැබු හෂාන්තිලකරත්න, ටෙස්ට් තරග 83 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක 20 ක් සමග මුලූ ලකුණු 4545 ක් ලබාඇති අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය 42.87 කි. එක්දින තරග 200 ක් ක‍්‍රීඩා කළහෂාන් එහිදී ශතක 2 ක් සහ අර්ධ ශතක 13 ක් ලබා ඇති අතර ඔහුගේ එම ක‍්‍රිකට්අතීතයේ අමතක කළ නොහැකි මතකයන් අතර අපුරු සිදුවීම් කිහිපයක් මෙසේ සටහන් වේ.
 
 ‘‘1993 දී අපි බන්දුල වර්ණපුරගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියාවට ගියා. ඒතරගාවලිය 3 ට 0 කින් අපි පරාජය වුණා. එතනදි අර්ජුන අයියා සහ වර්ණපුර මතදෙකක හිටපු නිසා ගැටුම් ඇති වුණා. පස්සෙ ලංකාවට ආපු ගමන් ශාරීරික යෝග්‍යතාපරීක්ෂණයක් තියලා අරවින්ද ද සිල්වාව සාජා සංචාරයෙන් ඉවත් කළා. ඒකට විරුද්වඅර්ජුන අයියා ඇතුළු කට්ටියක් කණ්ඩායමෙන් ඉවත් වුණා. හැබැයි මම කණ්ඩායමේහිටියා. එතනදි මට වගේම සාජා සංචාරය ගිය හැමෝටම පේ‍්‍රක්ෂකයන්ගෙන් සහ විවිධඅයගෙන් තර්ජන ආවා කණ්ඩායමෙන් අයින් වෙන්න කියලා. එතනදි මම කිව්වෙ අපි ඉන්නෙරට වෙනුවෙන් ක‍්‍රීඩා කරන්න ඒ නිසා අයින් වෙන්න අවශ්‍යතාවක් නැහැ කියලා.’’
 
 ‘‘ඒ සාජා සංචාරයේදි නායකයා වුණේ රොෂාන් මහානාම. උප නායකයා වුණේ මම. සාජාතරගාවලිය ගිහිල්ලා ආපු ගමන් කට්ටියක් අපිට ගහන්නත් ආවා. අසංක ගුරුසිංහගේගෙදරට ගොඩක් අලාභ හානි කරලා තිබ්බා. මොකද ඒ කාලේ ක‍්‍රීඩා සමාජ තරග බලන්නවුණත් ගොඩක් සෙනඟ එනවා. ඒ නිසා අර්ජුන අයියලා නැති එකට පේ‍්‍රක්ෂකයන්ටගොඩක් කේන්ති ගිහින් තිබුණේ. මේ හැම දෙයක්ම අපේ ක‍්‍රිකට් දිවියේ ලබපුසුන්දර අත්දැකීම්.’’
 
 ‘‘අපිට 95 න් පස්සෙ දිනන්න පුළුවන් කියනවිශ්වාසය ඇති වුණේ නවසීලන්තයේදී පළමු විදෙස් තරගාවලිය ජයග‍්‍රහණය කරපුඅවස්ථාවේදී. ඊට පස්සෙ තිබුණ සාජා සංචාරයත් අපි හොඳට කළා. ඬේව් වට්මෝර්පුහුණුකරුවා ලෙස පත්වීමෙන් පසුව අපි පාකිස්තානයට ගියා. එහිදී පළමු තරගයපරාජය වුණා. නමුත් ඊළඟ තරග දෙකම ජය ගෙන අපි තරගාවලිය ජය ගත්තා. එක්දිනතරගාවලියත් අපි දිනුවා. ඒ තරගාවලියේ වීරයා වුණෙත් මම.’’
 
 ‘‘ඉස්සරජයානන්ද වර්ණවීර, දොන් අරුණසිරි සහ මුත්තයියා මුරලිදරන් එක්ක මට ගොඩක්වෙලාවට බැට් කරන්න සිදුවෙලා තියෙනවා. ඒ වෙලාවෙදි මම හතරවැනි හෝ පස්වැනිපන්දුවට එකක් ගහලා මාරු වෙන්න ඕන. පාකිස්තානයත් එක්ක ගහනකොට වසීම්අක‍්‍රම්ටයි වකාර් යුනිස්ටයි මරණ බයේ තමයි අපේ පසුපෙළ පිතිකරුවන් හිටියේ. ඒගොල්ලන් හයියෙන් බෝල් කරනවා. මට මතකයි වර්ණවීර කියනවා හයවැනි බෝලයට කොහොමහරි එකක් ගහලා මේ පැත්තට වරෙන් කියලා. එක මැච් එකක අන්තිමට වසීම්අක‍්‍රම්ගෙ හයවැනි බෝලය මගේ හෙල්මට් එකේ වැදුණා. වැදිලා මම බෝලෙ ගිය දිහාවබලන්න හම්බ වුණේ නැහැ එහා පැත්තෙ හිටපු දොන් අරුණසිරි මගේ ළඟටම ඇවිල්ලකියනවා ඉක්මනට එහා පැත්තට යන්න කියලා.
 
 ‘‘පාකිස්තානය සමග තිබුණමැච් එකක අර්ජුන අයියා කිව්වා සැඳෑ ආරක්ෂක පිතිකරු විදිහට දොන් අරුණසිරිටලෑස්ති වෙන්න කියලා. වකාර් සහ වසීම් ඒ කාලේ දුවගෙන එන්නෙ යාර තිහකටත් වැඩියදුර ඉඳලා. මට අර්ජුන අයියා කිව්වා හසී බලන්න නයිට් වොච්මන්ට යන්න දොන්කොහෙද ඉන්නෙ කියලා හොයන්න කියලා. හැම තැනම බැලූවත් දොන් පේන්න නැහැ. පස්සෙමම චම්පක රාමනායකට කිව්වා දාගන්න කියලා. රාමනායකට දැන් හරි කේන්තියි. මෙන්නඊට පස්සෙ දොන් හිමිහිට ඇතුළට එනවා. මම ඒ වෙනකොට ටොයිලට් ඇතුළෙත් බලලාහිටියේ. පස්සෙ දොන් කියනවා එයා ටොයිලට් එකේ කොමොඞ් එක උඩ නැගලා හිටියේ පේනෙනැතිවෙන්න කියලා. ඒ තරමට බැට් කරන්න යන්න බයේ හැංගිලා හිටියේ. ඒ දේවල්බලනකොට අපි මේ වෙනකොට හොඳ දුර ගමනක් ඇවිල්ලා තියෙනවා.’’
 
 ‘‘වකාර්දවසක් හම්බ වෙලා කිව්වා ඒ කාලේ මාව අවුට් කරන්න හරි කරදරයක් වෙන්න ඕනකියලා. එයා කියනවා ඒ දවස්වල ඔළුවටයි ඇඟටයි කොහෙට දැම්මත් මම විකට් එකලේසියෙන් දෙන්නෙ නැහැ කියලා. මම බැට් කරන්න එනකොට එයාලා කතා කරන්නෙ මාවකොහොමද අවුට් කරන්නෙ කියලා. බෝලස්ලා මගේ ළඟට ඇවිල්ලා තිත්ත කුණුහරුපෙන්බනිනවා. මම අල්ල අල්ල ගහන හින්දා ඒ අයට එපා වෙලා හිටියේ. මාව ඇණයක් වෙලා.එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ තිබුණ තරගයක ග්ලෙන් මැක්ග‍්‍රාත් මගේ ඇඟටම බෝල්කරනවා. එතකොට පහරක් ගැහුව්වොත් අවුට්. ඇල්ලූවත් අවුට් වෙනවා. කොහොම හරි මමමගේ ඇලපතේ බෝල පහළොවක් විතර වැදිලා ඩෙ‍්‍රසින් රූම් එකට යනකොට නිල් පාටටඉදිමිලා තිබුණා.’’
 
 අසේල විතාන
දිවයින
Hashan Thilakarathna's Family – Photos | lankahelp.comImage may contain: 1 person, smiling, playing a sport, baseball and outdoor

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top