
ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතයෙන් ජීවිතක්ෂයට පත්වන මිනිස් ජීවිත දිනෙන් දින ඉහළ යද්දී එංගලන්තයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වූ නෝර්මාන් හන්ටර්ද පසුගියදා කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
එංගලන්ත ජාතික කණ්ඩායම මෙන්ම ලීඞ්ස් යුනයිටඞ් කණ්ඩායම නියෝජනය කළ ඔහු මිය යන විට 76 වැනි වියේ පසුවුවා. නෝර්මාන් එංගලන්තය වෙනුවෙන් පාපන්දු තරග 29 කට ක්‍රීඩා කර ඇති අතර 1966 පාපන්දු ලෝක කුසලාන දිනාගත් එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයකුද වෙනවා.
ජාතික කණ්ඩායමට වඩා ක්‍රීඩා සමාජ තරගවලදී වැඩි මිලක් හිමිව ඇති නෝර්මාන් 1982 දී සිය පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති බවත් සදහන්.. පාපන්දු ක්‍රීඩාවට ඔහු කළ අමරණීය සේවය අගයමින් එලන් රෝඞ් නැමැති ක්‍රීඩාංගණයේ එක් ප්‍රේක්ෂකාගාරයක් ඔහුගේ නමින් නම් කිරීමටද එම පාපන්දු සමාජයේ හිමිකරු තීරණය කර තිබෙනවා.


67 Views
98 Views
261 Views
159 Views
132 Views
140 Views
150 Views
142 Views
113 Views
179 Views
127 Views
137 Views
213 Views
241 Views
702 Views
99 Views
87 Views
80 Views
57 Views
54 Views