උතුරු කොරියානු නායකයා මියගොස් නොමැති බව දකුණු කොරියාව කියයි
Monday, 27 April 2020 - 9:37 | Views - 1,332
උතුරු කොරියානු නායක කිම් ජොං අන් මියගොස් නොමැති බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ ඉහළ ආරක්ෂක උපදේශකවරයෙකු ප්‍රකාශ කර තිබෙනවා.
සී.එන්.එන්. පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියානු නායකයා ජීවතුන් අතර මෙන්ම හොඳින් සිටින බවයි.
පසුගිය අප්‍රේල් 13 වනදා සිට කිම් ජොං අන් උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළාසන්න වොන්සාන් හි නිවාඩු නිකේතනයක රැඳී සිටි බව තහවුරු වී ඇති අතර, සැකසහිත කිසිදු සංචරණයක් මේ දක්වා අනාවරණ වී නොමැති බවයි අදාළ ආරක්ෂක උපදේශකවරයා සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් උතුරු කොරියානු නායක කිම් ජොං අන් හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණා.
Share This Article