උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පිරිහී ඇති බවට තොරතුරු රැසක් වාර්තාවී තිබෙනවා.
විශේෂයෙන් පසුගිය මාසයේ හදවත් සැත්කමකට භාජනය කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි අවදානමකට ලක්ව ඇති බවයි බටහිර මාධ්‍ය වාර්තා කළේ.
දකුණු කොරියාව සහ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කළද උතුරු කොරියානු නායකයාට ජීවිත අවදානමක් පවතින බවටද හොංකොං හි ප්‍රකට මාධ්‍යවේදිනියක සඳහන් කළා.
ඇගේ චීන සබඳතා හේතුවෙන් ඒ පිළිබඳ විශ්වසනීයත්වයක් පවතින බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
උතුරු කොරියානු නායකයා සතු, සංචාර සඳහා යොදාගන්නා දුම්රියද උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළාසන්න වොන්සාන් නිකේතන නගරයේ නවතා ඇති අයුරු ඇමරිකානු චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කර තිබෙනවා.
එය පසුගිය 21 වනදා සිට 23 වනදා දක්වා එහි නතර කර තිබුණද එමඟින් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිටින ස්ථානය සළකුණු නොවන බව ඇතමුන්ගේ අදහසයි.
මේ අතර ඔහු රැඳී සිටින ආරක්ෂිත මන්දිරය අවට චන්ද්‍රිකා ඡායාරූපද ඇමරිකානු ඔත්තු සේවාවල අවධානයට යොමුව ඇති කරුණක්.
මේ අනුව කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් උතුරු කොරියාව තුළ සිදුවෙමින් පවතින බව බටහිර ප්‍රවෘත්ති සේවාවන්හි අදහසයි.