Lockdown මැද පාසල් ගොඩනැගිල්ලක් ඇතුළේ, කාන්තාවක් සමූහ දූෂණය කළ පාපතරයින්
Monday, 27 April 2020 - 8:09 | Views - 2,029
කොරෝනා අර්බුදය මැද ඉන්දියාවම lockdown (අඟුළු දැමීම) වූ මොහොතක පාසල් ගොඩනැගිල්ලකදී කාන්තාවක් සමූහ දූෂණයට පත්ව ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සතියේ රාජස්ථාන් ප්‍රාන්තයේ කාන්තාර ප්‍රදේශයේදී මෙම අනුවේදනීය සිදුවීම සිදුව ඇති අතර, දෛනික වැටුපෙන් ජීවත් වූ මෙම කාන්තාව සැතපුම් ගණනක් තනිව ඇවිද ගොස් අතරමංව පොලිස් ස්ථානයකට පැමිණ තිබෙනවා.
 
එහිදී ප්‍රදේශයේ පොලිසිය, නිරෝධායන මධ්‍යස්ථානයක් නොමැති නිසාවෙන්, ඇයව අසළ පාසල අසළ නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ඒ අනුව අප්‍රේල් 23 වැනි දින රාත්‍රී ඇය එහි නවාතැන්ගෙන ඇති අතර එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු විසින් ඇයව සමූහ දූෂණය කර ඇති බව සඳහන්.
 
වයස අවුරුදු 40-45 අතර පසුවන බව පැවසෙන මෙම කාන්තාව මෙම සිදුවීමෙන් අනතුරුව කොවිඩ්-19 වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා දේශීය නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා.
 
"ඇය කොපමණ වෙලාවක් දූෂණයට ලක් වුවාද කියන්න අපි තවම දන්නෙ නැහැ. ඇගේ පරීක්ෂණ ප්‍රතිඵල තවමත් අනාවරණය වී නැහැ.." පොලිසිය එසේ සඳහන් කළා.
 
ඉන්දියාව කොරෝනා හමුවේ මේ වනවිට දැවැන්ත අර්බුදයක මුහුණ පා සිටින අතර එරටින් වාර්තා වන ආසාදිතයින් ගණන 28, 890ක් බවට විදෙස් වාර්තා සඳහන් කරනවා.
 
ඉන්දියාවේ 881 දෙනෙකු කොරෝනා හේතුවෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 
කෙතරම් තද නීති තිබුණද, ඉන්දියාවේ සෑම විනාඩි 20කට වරක්ම ස්ත්‍රී දූෂණයක් සිදුවන බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.
 

Dailymail ඇසුරිනි.

(පහත ඡායාරූප මෙම සිදුවීමට අදාළ සේයාරූ නොවන අතර ඩේලිමේල් වෙබ් අඩවිය මඟින් පළ කර තිබූ ඒවා යි.)


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top