කොවිඩ් 19 සොයාගැනීමේ ජංගම දුරකථන යෙදවුමක් ඕස්ට්‍රේලියාවෙන්
Monday, 27 April 2020 - 8:04 | Views - 873
කොරෝනා වෛරස් සබඳතා සොයාගැනීමේ ජංගම දුරකථන යෙදවුමක් ඕස්ට්‍රේලියානු රජය විසින් එරට පුරවැසියන්ට හඳුන්වාදී තිබෙනවා.
සිංගප්පුරුවේ හඳුන්වාදීමක් මත පදනම්ව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් ඊයේ රාත්‍රියේ අදාළ යෙදවුමේ සංඛ්‍යාලේඛන බාගත කිරීම තහවුරු කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව දැනටමත් ඕස්ට්‍රේලියාවේ මිලියනයක පමණ පිරිසක් අදාළ යෙදවුම බාගතකරගෙන තිබෙනවා.
Share This Article