"එන්න බැරිවේවි උඹත් එක්ක අවසාන පෙළපාලිය යන්නට, සමාවෙයන් අපිට.." - ලක්මවට අහිමි වූ නාවික විරුවා ගැන, මුහුණු පොතෙන් හමුවූ සංවේදී සටහනක්
මී උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු ඊයේ දිනයේදී සිදුකෙරුණා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන 35 හැවිරිදි ලුතිනන් කමාන්ඩර්වරයෙකු බවයි නාවික හමුදා මූලස්ථානය සඳහන් කළේ.
ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතත්, පවතින තත්ත්වය මත ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි අනුව ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ලෙස නිර්දේශ වී තිබුණා.
මේ අතර ඔහුගේ සමීපතමයෙකු ඔහුගේ හදිසි වියෝව ගැන මුහුණූ පොතේ සංවේදී සටහනක් තබා තිබුණා.
පීරා, ගිහින් එන්න සහෝදරයා...
අපි ආයෙත් දවසක හමුවෙමු. අතිදක්ෂ ඔබේ නිවේදක හඬින් හඳුන්වාදෙද්දී ගීයක් ගයන්නට එන්නම් සරසවියේ දී එදා වගේම..
නේව් එකේදි දැක්ක හැම තැනකම උඹ මගේ ළඟට ඇවිත් කතා කරල ගියේ කැම්පස් ෆිට් එකට. එක බැච් එකේ එකට ඉගෙන ගත්ත යාළු කමට. මාසෙකට විතර කලින් දවසක මට දුරකථනයෙන් කතා කළා මට ඇතිවූ රාජකාරී ප්‍රශ්නයක් කොහෙන් හෝ දැනගෙන ඒ ගැන සොයා බලන්නට. උදව්වක් අවශ්‍යනම් මට උදව් කරන්නට. උඹ නේවි එකේ කොච්චර ලොකු තැනක හිටියත් ඒ උඹේ මනුස්සකම. මාස 6 කට විතර කළින් මට උඹව හමුවුණා NARA එකේදි. උඹේ ලොකු මහත්තය ඉද්දිම මං වෙනුවෙන් නැවතිලා උඹ ගියේ අත අල්ලල කතා කරල. මට කතා කළා තේ පැයේදි තේ බොන්න උඹෙ ඔෆිස් එකට එන්න කියලා. ඒත් එදා මට උඩට එන්න බැරිවුණා උඹත් එක්ක ඒ තේ එක බොන්න. හොඳ මිනිස්සු ඉක්මනට යන්න යනවා. අවුරුදු 36ත් වයසක් ද? ගණන් හදලා බලද්දී අපේ මිත්‍රත්වය අවුරුදු 16ක්.
එන්න බැරිවේවි උඹත් එක්ක අවසාන පෙළපාලිය යන්නට. උඹට අවසන් හස්ථ ආචාරය දක්වන්නට. සමාවෙයන් අපිට. මේ මහා ව්‍යසනය නොතිබුණා නම් සුදු පාට නිළ ඇඳුම් බොහෝමයක් පැමිණේවි උඹත් එක්ක අවසාන පෙළපාලිය යන්නට. කැම්පස් එකේ වගේම නේවි එකෙත් උඹ ගොඩාක් අයට උදව් කළ, සහෝදරත්වය පිරුණු හිත හොඳ මනුස්සයෙක් නිසා.
උඹ ගියාට මතකය හැමදාමත් තියේවි. සුබ ගමන් මිත්‍රයා. සුබ ගමන් ලුතිනන් කමාණ්ඩර් සුනිල් දොඩම්වල නිළධාරියාණෙනි..
පසු වදන... ඔහු මිය ගොස් ඇත්තේ කොරෝනා නිසා බව සම හරක් බෙදාහරිම්න් පවතී. කරුණාකර එවන් පෝස්ටුවක් දුටුවොත් නිවැරදි කරවන්න. මෙවැනි අවස්ථාවක දී එවන් සාවද්‍ය ප්‍රකාශ කොට හමුදාවන්හි චිත්ත ධෛර්යය නැති කිරීම සාපරාධී වරදකි.ඔහු මිය ගොස් ඇත්තේ මී උණ නිසා ඇති වූ වකුගඩු අකර්මන්‍යතාවක් නිසා බව සැලකුව මනා ය.
