අද දිනයේ රට පුරා ඇඳිරි නීතිය
Monday, 27 April 2020 - 7:26 | Views - 597
අද (27) දිනයේදී රට පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (26) පස්වරුවේ නිවේදනය කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින් යළි කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි අද (27) දිනයේදී මෙලෙස දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (28) අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම් දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන්, සෙසු නිලයන්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, දැනට නිවාඩු මත සිටින නිලධාරීන් සහ සෙසු නිලයන් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතු බවයි.

ප්‍රවාහන අපහසුතා ඇති නිලධාරීන්ට ආසන්නතම කඳවුර වෙත වාර්තා කළ හැකි බවද, යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර නිවාඩු මත සිටින සියලුම නාවික හමුදා සාමාජිකයින්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ළඟම ඇති කඳවුරට වාර්තා කරන්නැයි නාවික හමුදාව විසින් දැනුම් දීමක් ද කර තිබෙනවා.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top