අද (27) දිනයේදී රට පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (26) පස්වරුවේ නිවේදනය කළා.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරින් යළි කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි අද (27) දිනයේදී මෙලෙස දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (28) අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රී 8.00 සිට යළි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.
මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම් දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන්, සෙසු නිලයන්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු අවලංගු කර තිබෙනවා.
එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, දැනට නිවාඩු මත සිටින නිලධාරීන් සහ සෙසු නිලයන් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතු බවයි.
ප්‍රවාහන අපහසුතා ඇති නිලධාරීන්ට ආසන්නතම කඳවුර වෙත වාර්තා කළ හැකි බවද, යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියා.
මේ අතර නිවාඩු මත සිටින සියලුම නාවික හමුදා සාමාජිකයින්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ළඟම ඇති කඳවුරට වාර්තා කරන්නැයි නාවික හමුදාව විසින් දැනුම් දීමක් ද කර තිබෙනවා.