මිනීමැරුම් 22 ක් සිදු කළ පාපතර කැනේඩියානු ජාතිකයාගේ පළමු ගොඳුර ඔහුගේම පෙම්වතිය බවට හෙළි වෙයි
Sunday, 26 April 2020 - 17:53 | Views - 1,189
සමූහ ඝාතකයෙකු ලෙස හැදින්වන, Gabriel Wortman නමැති පුද්ගලයෙකු කැනේඩියානු පොලිස් නිළධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට නෝවා ස්කොටියාහි පදිංචිව සිටි මොහු පසුගිය 18 සහ 19 යන දෙදින තුළ ඝාතන 22 ක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.

මෙම ඝාතන සියල්ල සිදු පැය 12 ක් තුළ සිදු කර තිබීමත් විශේෂත්වයක් වනවා.

ප්‍රථමයෙන් සිය පෙම්වතිය ඝාතන කිරීමට ඔහු උත්සහ කර ඇති අතර ඇය වනාන්තරයකට පැන සැගව සිටි බව සදහන්.
 
ඔහු විසින් මරා දැමුණු පුද්ගලයින්ගේ මළ සිරුරු ග්‍රාමීය නගරයක පිහිටි නිවසක එක්රැස් කර තිබු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
 
මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීයෙකු ලෙස Gabriel මෙම ඝාතන මාලාව සිදු කර තිබෙනවා.
 
2001 වසරේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදු කර තිබු බව සදහන්.
 
ඔහු විසින් වරද පිළිගැනීම හේතුවෙන්, මනෝවිද්‍යාත්ම උ‌පදේශන ලබා ගන්නා ලෙසයි අධිකරණය විසින් නියෝග කර තිබුණේ.
 
කැනේඩියානු ඝාතන ඉතිහාසයේ පුද්ගලයෙකු විසින් සිදු කළ විශාලතම සමූහ ඝාතනය ද මෙය වනවා.
 
මීට පෙර මාක් ලෙපයින් නමැත්තෙකු විසින් එරට පොලිටෙක්නික් විද්‍යාලයේදී, කාන්තාවන් 14 දෙනෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
 
ඒ, 1989 වසරේදීයි.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top