මිනීමැරුම් 22 ක් සිදු කළ පාපතර කැනේඩියානු ජාතිකයාගේ පළමු ගොඳුර ඔහුගේම පෙම්වතිය බවට හෙළි වෙයි
සමූහ ඝාතකයෙකු ලෙස හැදින්වන, Gabriel Wortman නමැති පුද්ගලයෙකු කැනේඩියානු පොලිස් නිළධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරට නෝවා ස්කොටියාහි පදිංචිව සිටි මොහු පසුගිය 18 සහ 19 යන දෙදින තුළ ඝාතන 22 ක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
මෙම ඝාතන සියල්ල සිදු පැය 12 ක් තුළ සිදු කර තිබීමත් විශේෂත්වයක් වනවා.
ප්‍රථමයෙන් සිය පෙම්වතිය ඝාතන කිරීමට ඔහු උත්සහ කර ඇති අතර ඇය වනාන්තරයකට පැන සැගව සිටි බව සදහන්.
ඔහු විසින් මරා දැමුණු පුද්ගලයින්ගේ මළ සිරුරු ග්‍රාමීය නගරයක පිහිටි නිවසක එක්රැස් කර තිබු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මුර සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීයෙකු ලෙස Gabriel මෙම ඝාතන මාලාව සිදු කර තිබෙනවා.
2001 වසරේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදු කර තිබු බව සදහන්.
ඔහු විසින් වරද පිළිගැනීම හේතුවෙන්, මනෝවිද්‍යාත්ම උපදේශන ලබා ගන්නා ලෙසයි අධිකරණය විසින් නියෝග කර තිබුණේ.
කැනේඩියානු ඝාතන ඉතිහාසයේ පුද්ගලයෙකු විසින් සිදු කළ විශාලතම සමූහ ඝාතනය ද මෙය වනවා.
මීට පෙර මාක් ලෙපයින් නමැත්තෙකු විසින් එරට පොලිටෙක්නික් විද්‍යාලයේදී, කාන්තාවන් 14 දෙනෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
ඒ, 1989 වසරේදීයි.


