දින 14ක් ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකු නැවතත් බන්ධනාගාරයට
Sunday, 26 April 2020 - 17:47 | Views - 1,137

ඇදිරිනීතිය පැවති කාලය තුළ ලොරිවලින් පැමිණ පොලීසියට හසුවී අධිකරණය මගින් මීට දින 14 කට පෙර ස්වයං නිරෝධායනය කළ පුද්ගලයෙකු එය අවසන් කර නැවත බන්ධනාගාර නිළධාරීන් භාරයට පත්ව තිබෙනවා.
ඇදිරිනීති අවස්ථාවේදී කොළඹ සිට ලොරි රථවලින් පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව දින 14ක් ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනය කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් කර තිබුණා.
තිහගොඩ පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම්වල අත්වැඩ දෙන්නෙකු බව සදහන්.
අධිකරණ නියෝගය අනුව මාතර බන්ධනාගාරයේ නිළධාරීන් විසින් මෙම පුද්ගලයා පදිංචි පනාමුර මුල්ඇඩියාවල ප්‍රදේශයේ ඔහුගේ නිවසට මෙම සැකකරු රැගෙන විත් අඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් හරහා දින 14ක් ස්වයං නිරෝධායනයේ යොදවා තිබෙනවා.
එම ස්වයං නිරෝධායනය 26 දා අවසන් වූ අතර ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් පැමිණ මෙම පුද්ගලයා වෙත නිරෝධායන සහතිකය නිකුත් කරන තිබෙනවා.
ඉන් අනතුරුව බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම පුද්ගලයා නැවත අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සදහා රැගෙන ගොස් තිබෙනවා.
Share This Article