දින 14ක් ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකු නැවතත් බන්ධනාගාරයට
Sunday, 26 April 2020 - 17:47 | Views - 1,138
ඇදිරිනීතිය පැවති කාලය තුළ ලොරිවලින් පැමිණ පොලීසියට හසුවී අධිකරණය මගින් මීට දින 14 කට පෙර ස්වයං නිරෝධායනය කළ පුද්ගලයෙකු එය අවසන් කර නැවත බන්ධනාගාර නිළධාරීන් භාරයට පත්ව තිබෙනවා.

ඇදිරිනීති අවස්ථාවේදී කොළඹ සිට ලොරි රථවලින් පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව දින 14ක් ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනය කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් කර තිබුණා.

තිහගොඩ පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම්වල අත්වැඩ දෙන්නෙකු බව සදහන්.

අධිකරණ නියෝගය අනුව මාතර බන්ධනාගාරයේ නිළධාරීන් විසින් මෙම පුද්ගලයා පදිංචි පනාමුර මුල්ඇඩියාවල ප්‍රදේශයේ ඔහුගේ නිවසට මෙම සැකකරු රැගෙන විත් අඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් හරහා දින 14ක් ස්වයං නිරෝධායනයේ යොදවා තිබෙනවා.

එම ස්වයං නිරෝධායනය 26 දා අවසන් වූ අතර ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් පැමිණ මෙම පුද්ගලයා වෙත නිරෝධායන සහතිකය නිකුත් කරන තිබෙනවා.

ඉන් අනතුරුව බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම පුද්ගලයා නැවත අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සදහා රැගෙන ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top