හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
Sunday, 26 April 2020 - 17:43 | Views - 520
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලිකව වැඩිවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද රාත්‍රී කාලයේදීත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව සහ උතුරුමැද යන පළාත්වලට වැසි ඇති විය හැකියි.
Share This Article