තනිව වාසය කල වැන්දඹු කාන්තාව ඝාතනය කළ හැටි අසල්වැසි මත් ලෝලියා පාපොච්චාරණය කරයි
Sunday, 26 April 2020 - 16:13 | Views - 1,674

මීගහවත්ත පොලිස්වසමට අයත් දික්වල ප්රදේශයේ නිවසක තනිව වාසය කල කාන්තාවක් නිවස තුළම ඝාතනය කර තිබියදී කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි වැන්දඹු කාන්තාවක්.
සැමියා මියගොස් නිවසේ තනිව වාසය කර ඇති ඇය දෙදරු මවක් වන අතර ඇගේ දරුවන් ඥාති නිවසක වාසය කරන බව සඳහන්.
කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඝාතනය සිදුවූ ස්ථානයට ගොස් සිදුකල ස්ථානීය පරීක්ෂාවෙන් පසු අනාවරණය කරගත් තොරතුරු වලට අනුව එම නිවසට ආසන්න නිවසක පදිංචි මත්කුඩු ලෝලී 35 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මෙම මිනිස් ඝාතනය සිදුකල අන්දම පිලිබදව පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහිව සිට ඇති සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාව සමග කාලයක් අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර තනිව වාසය කර ඇති ඇයගෙන් මත්කුඩු බීමට වරින්වර මුදල් ඉල්ලා සිටීම නිසා ආරවුල් ඇති වී තිබෙනවා.
පසුව මේ සම්බන්ධයෙන් කාන්තාව පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් ඔහු ඇය මරා දැමූ බවට පාපොච්චාරණය කළ බව පොලිසිය පවසනවා.
කැලණිය කුසුම් එස් හැන්නදි - මව්බිම
Share This Article