බණ්ඩාරනායක මාවතෙන් සහ වැලිසර නාවික කඳවුරෙන් ආසාදිතයන් 185ක් - අවසන් ආසාදිතයන් 40 දෙනා අතර ඕමානයේ සිට පැමිණි තුන්දෙනෙකුත්
Sunday, 26 April 2020 - 14:25 | Views - 2,870
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 460න් 185 දෙනෙකුම බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් සහ වැලිසර නාවික හමුදා කඳවුර හා ඒ ආශ්‍රිතව වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එය මුළු රෝගීන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සඳහන් වන්නේ ආසන්න වශයෙන් සියයට 40ක් ලෙසයි.

කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් මේ වනවිට වාර්තාවී ඇති කොරෝනා වෛරසය අසාදිතයන් සංඛ්‍යාව 90 ක්.

එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුළින් ආසාදිතයන් 68 දෙනෙකු වාර්තාවී ඇති අතර, නිවාඩු ලබාගිය සෙබලුන් අතරින් 27 දෙනෙකු අසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතේ සහ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ සිද්ධිය සෞඛ්‍ය අංශ විසින් සාර්ථක ලෙස පාලනය කරමින් සිටින බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top