බණ්ඩාරනායක මාවතෙන් සහ වැලිසර නාවික කඳවුරෙන් ආසාදිතයන් 185ක් - අවසන් ආසාදිතයන් 40 දෙනා අතර ඕමානයේ සිට පැමිණි තුන්දෙනෙකුත්
Sunday, 26 April 2020 - 14:25 | Views - 2,871
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 460න් 185 දෙනෙකුම බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් සහ වැලිසර නාවික හමුදා කඳවුර හා ඒ ආශ්‍රිතව වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
එය මුළු රෝගීන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකූ විට සඳහන් වන්නේ ආසන්න වශයෙන් සියයට 40ක් ලෙසයි.
කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් මේ වනවිට වාර්තාවී ඇති කොරෝනා වෛරසය අසාදිතයන් සංඛ්‍යාව 90 ක්.
එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුළින් ආසාදිතයන් 68 දෙනෙකු වාර්තාවී ඇති අතර, නිවාඩු ලබාගිය සෙබලුන් අතරින් 27 දෙනෙකු අසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ කෙසෙල්වත්ත - බණ්ඩාරනායක මාවතේ සහ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොරෝනා වෛරසය වැළඳීමේ සිද්ධිය සෞඛ්‍ය අංශ විසින් සාර්ථක ලෙස පාලනය කරමින් සිටින බවයි.
Share This Article