යතුරුපැදියක ගැටීමෙන් කුඩා දරුවෙකු මරුට
Sunday, 26 April 2020 - 11:47 | Views - 1,025
මැදිරිගිරිය මැදගම්පුර ප්රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.
එම දරුවා සිය මව්පියන් සමග දිය නෑමට ඇලක් වෙත ගොස් සිටියදීයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.
මියගොස් ඇත්තේ මැදගම්පුර ප්රදේශයේම පදිංචි අවුරුදු 2 හමාරක් වයසැති කුඩා දරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදියේ ගමන් කළ අවුරුදු 17 සහ 16 වයස්වල තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා බීමතින් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය පිළිබඳ මැදිරිගිරිය පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.
Share This Article