ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන්හිදි පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණයි
Sunday, 26 April 2020 - 10:17 | Views - 563
ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවන්හිදී පොදු ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යෙදවීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

ඊයේ දිනයේදී රජය විසින් ගනු ලැබූ තීරණයට අනුව පුද්ගලික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කරගෙන ගමන් කිරීමට දින ලබාදී තිබෙනවා.

එය මේ සඳහා පහසුවක් වනු ඇති බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ විසින් කොවිඩ් 19 වෛරස රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමට පොදු ප්‍රවාහන අංශය විසින්ද සමාජ දුරස්ථ භාවය පවත්වාගත යුතුයි.

ඒ අනුව බස් රථයක ගමන් කළ හැකි මගී සංඛ්‍යාව එහි රැගෙන යා හැකි සංඛ්‍යාවෙන් සියයට 50කට අඩු ප්‍රමාණයක්.

දැනට ලංගම සතුව බස් රථ 5,700ක් පමණ සහ පෞද්ගලික අංශය සතුව බස් රථ 23,000ක් පවතිනවා.

ලංගම බස් රථ සියල්ලම යෙදුවද කොරෝනා වෛරස් වසංගතයට පෙර පැවති තත්ත්වයට මගී ප්‍රවාහනය සැළසීමට හැකිවන්නේ නැහැ.

ඒ තත්ත්වය යටතේ ලංගම සතුව පවතින බස් රථ පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යොදවනු ලබන්නේ සෞඛ්‍ය, ආරක්ෂක මෙන්ම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල සේවය සඳහා ප්‍රවාහනය කළ යුතු අත්‍යාවශ්‍යම පිරිස පමණක් බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top