කුවේටයේ නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ලබාදී ඇති පොදු සමාකාලය දිගු කරන ලෙස ඉල්ලීමක්
Sunday, 26 April 2020 - 9:01 | Views - 632
කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා ලබාදී තිබූ කාලය මැයි මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කලාෆ් දහයිර් සමඟ පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
පොදු සමා කාලය තුළ කුවේට් දේශයෙන් පිටවීම සඳහා ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වුණා.
ඒ සඳහා කඩිනමින් සාධනීය පිළිතුරක් ලබාදෙන බව මෙහිදී තානාපතිවරයා අමාත්‍යවරයාට ප්‍රකාශ කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
මේ අතර, කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ආහාර හා නවාතැන් පහසුකම් ලබාදීමටද එරට රජය පියවර ගෙන තිබෙනවා.
Share This Article