ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය සමස්ත රටටම ක්‍රියාත්මකයි, එහෙත් සෞඛ්‍ය හේතුවක් නම් බාධාවක් නෑ
Sunday, 26 April 2020 - 8:13 | Views - 1,915
ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල ජනතාවද අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසින් බැහැරට යන්නේ නම් රජය ඊයේ ප්‍රකාශයට පත් කළ පරිදි ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඒ අනුව සමස්ත දිවයිනේම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහන හා අද(26) සම්බන්ධ වෙමින් ඔහු කියා සිටියේ.
එහෙත් ඔහු අවධාරණය කළේ කිසියම් සෞඛ්‍ය හේතුවක් මත ඕනෑම ප්‍රදේශයක පුද්ගලයෙකු රෝහලක් කරා හෝ ඖෂධයක් ලබාගැනීමට අවශ්‍ය ස්ථානයකට යන්නේ නම් අදාළ ලේඛන ඉදිරිපත් කර, හේතු පවසා එම කටයුත්ත කර ගැනීමට ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය බාධාවක් නොවන බවයි.
Share This Article