ඇමෙරිකාවේ නිව්යෝක් නගරයට වෛරසය ඇතුල් වූයේ චීනයෙන් නොව යුරෝපයෙන් බව එහි ආණ්ඩුකාරවරයා පවසනවා.
ගමනාගමන සීමා පනවන විට ඇමරිකාවේ වෛරසය පැතිරීම ආරම්භ වී අවසන් බවයි ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ පෙන්වා දෙන්නේ.
දැනට සිදු කර ඇති නිරීක්ෂණයන්ට අනුව මාර්තු 1 දා පළමු රෝගියා සොයා ගන්නා විට නිව් යෝක් වැසියන් 10 000 පමණ ආසාදනය වී සිටින්නට ඇති බවත් ඉතාලියේ සිට වෛරසය ඇතුල් වන්නට ඇති බවත් ඔහු අනුමාන කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ පෙබරවාරි 2 දා සිට චීනය සමග ගමනාගමනය සීමා කළත් යුරෝපය සම්බන්ධයෙන් ඇමරිකාව එතරම් සැලකිල්ලක් නොදැක්වූ බවයි.
යුරෝපයේ සිට නිව් යෝක් සහ නිව් ජර්සි වෙත පසුගිය මාස දෙක ඇතුලත පුද්ගලයන් මිලියන 2.2ක් පමණ පැමිණ ඇතැයි ගණන් බලා තිබෙනවා.
මේ සියල්ල මත රටේ නායකයාගේ ක්රියා කලාපය සහ තීරණ ගැනීම මන්දගාමීව සිදු වූ බවද ආණ්ඩුකාරවරයා පවසනවා.
මව්බිම
