මහමැතිවරණය සහ පාර්ලිමේන්තුව කැඳවීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
Saturday, 25 April 2020 - 20:57 | Views - 830
මහ මැතිවරණය පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

කොරෝනා වෛරස් මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙල සහ වත්මන් තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිරව කිසිදු තීරණයකට එළඹිය යුතු නැති බව මෙහිදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එහිදී කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය මෙන්ම ජනතාව ලබාදුන් සහන සහ ආර්ථිකය නගා සිටුවීමට ගන්නා තීරණ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීමට පියවර ගත්තා.

එමෙන්ම, තමාට ලබාදුන් ජනවරමට අදාළ අපේක්ෂා ඉටු කරමින් ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම මිස, පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව තමන්ට නොමැති බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top