ජල නළ එළීමට කැපූ වළකට වැටීමෙන් පුද්ගලයෙකු මරුට
Saturday, 25 April 2020 - 17:12 | Views - 617
වව්නියාව භාරතීපුරම් ප්රදේශයේදී ජල නළ එලීමට කපා තිබූ වළකට වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ භාරතීපුරම් ප්රදේශයේම පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.
සිය ඥාති නිවසකට ගොස් පාපැදියෙන් යළි පැමිණෙමින් සිටියදී ජලය පිරී තිබූ වළට වැටීමෙන් ඔහු මියගොස් තිබෙනවා.
වළට වැටීමෙන් පසු ඔහුගේ හිස මඩ තුළ එරී තිබී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වව්නියාව රෝහලට යොමුකර තිබෙනවා.
වව්නියාව පොලිසියයි වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ.
Share This Article