මෙරට පැතිරෙන කොරෝනා ප්‍රභේදය කුමක්ද ? ජ'පුර සරසවියෙන් නව සොයාගැනීමක්
Saturday, 25 April 2020 - 14:22 | Views - 1,443
ශ්‍රී ලංකාවේ පැතිර යන කොයිඩ් 19 මාදිලිය, ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පැතිර යන මාදිලියට සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ පරීක්ෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට ව්‍යාප්ත වී තිබෙන්නේ චීනයේ හෝ යුරෝපයේ ව්‍යාප්ත වී තිබෙන ප්‍රභේදය නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානි මහාචාර්ය හිරාන් අමරසේකර ප්‍රකාශ කළා.
මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ඩෙංගු පර්යේෂණ අංශය විසින්.
මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජිවන්දර ඇතුළු කණ්ඩායමක් එම සොයාගැනීම කර තිබෙනවා.
මෙම සරසවියේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාගාරය, RT , PCR පරීක්ෂණ සඳහා දකුණු ආසියාවේ ඇති ඉහළම විද්‍යාගාරයක් බවයි හාචාර්ය හිරාන් අමරසේකර පැවසුවේ.
එහි කෙරෙන කොරෝනා පරීක්ෂණ හා ඊට එක්ව සිටින කණ්ඩායම ගැන ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.
Share This Article