අනියම් පෙම්සුව විඳින්න පැමිණි එක්දරු පියා කාමරය තුළම මරුවා තුරුල් කරගත් හැටි
Saturday, 25 April 2020 - 14:07 | Views - 6,136
ඇතිලිවැව වෙහෙර යාය මහහාය ප්රදේශයේ පුද්ගලයෙකුට රාත්රීයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, වෙහෙරයාය, රන්දෙණිගොඩයාය ප්රදේශයේ පදිංචි එක්දරු පියෙකු බවයි කුඩාඔය පොලිසිය ප්රකාශ කළේ.
මරණකරු ඇතිලිවැව, මහයාය ප්රදේශයේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බව සදහන්.
ඇයව හමුවීමට ගොස් සිටියදීයි අදාළ වෙඩි තැබීම සිදුව ඇත්තේ.
මෙම පුද්ගලයා, එම කාන්තාවකගේ නිවසේ කාමරයක් තුළ නිදාගෙන සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබුණා.
ඉන් අනතුරුව වෙඩික්කරු එම ස්ථානයෙන් පළාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
පළාගිය සැකකරු සොයා, පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
බිබිල විශේෂ කේෂර ගුණතිලක සහ වැල්ලවාය අයි.ආර්. ඉන්දික
Share This Article