ජාඇළ - සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැහැ
Saturday, 25 April 2020 - 13:26 | Views - 875
කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ජාඇළ - සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් අධ්යක්ෂ වෛද්‍ය කේ. කේ. සරත් සඳහන් කළා.
සතුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පරීක්ෂණ කිරීම සඳහා මෙරට ඊට අවශ්‍ය උපකරණද නොමැති බව ඔහු කියා සිටියා.
Share This Article