ශිෂ්‍යත්වයේ සහ අනෙක් විභාගවල විෂය සීමා දෙන්න
Saturday, 25 April 2020 - 12:54 | Views - 784
ශිෂ්‍යත්ව විභාගය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙකුත් විභාගවල ප්‍රශ්න පත්‍ර සැකසීමට යොදාගන්නා විෂයසීමා නම් කරන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විභාගවල විෂය සීමා සම්බන්ධයෙන් මේ දිනවල සිසුන් තුළ ගැටළු මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලූ බලධාරින් සමඟ සාකච්ඡා කර මීට අදාළ සියලූ තීරණවලට එළඹෙන බවයි.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය නිසා දුෂ්කරතාවට පත්ව ඇති උසස් පෙළ සහ පහ ශ්‍රේණිය දරුවන්ගේ ගැටළු පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමඟින් ඉල්ලා ඇත්තේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව තීරණය කිරීමට ප්‍රවීන අධ්‍යාපනඥයන්, පාසල් සහ විශ්වවිද්‍යාල ගුරුවරුන් සහ සෞඛ්‍ය විශේෂඥයන් ඇතුලූ ප්‍රවීනයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top