අලුත උපන් දරුවාගේ මුහුණවත් බලන්නට වරම් නැතිවුණු, කොරෝනා විසින් බිලිගත්, මවක් ගැන සංවේදී කතාවක්
Saturday, 25 April 2020 - 11:16 | Views - 1,658
දින කිහිපයකට පෙර උපත ලැබූ සිය පුතණුවන් සුරතල් කිරීමට හෝ වරම් නොමැතිවූ මවක්, මාරාන්තික කොරෝනාව විසින් බිලිගත් සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් රාජධානියේ, බර්මින්හැම් හාට්ලන්ඩ්ස් රෝහලේදී ඇය මෙසේ අවසන් හෙලූ බවයි ඩේලි මේල් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

29 හැවිරිදි ෆොසියා හනීෆ්ගේ සිඟිති පුතණුවන් උපත ලබන්නේ අප්‍රේල් 2වන දින සිසේරියන් සැත්කමකින්.

දරුවාගේ උපතින් පසු ඇගේ තත්ත්වය නරක අතට හැරීමත් සමඟ ඇයව දැඩිසත්කාර ඒකකයට ගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, සුළු උණ තත්ත්වයක් තිබූ ඇයට ඒ මොහොතේ සිදුකරනු ලැබූ පරීක්ෂණවලින් අනතුරුව කොරෝනා වැළඳී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

"ඔවුන් කිව්වා අපි ඇයව මෙතන තියාගෙන ඉන්නම් කියලා, කොරෝනා පරීක්ෂණයක් සිදු කරනවා කියලා, ඔවුන් ඇයව දින දෙකක රඳවා ගත්තා.." ඇගේ සැමියා වන වජිඩ් අලි පවසනවා.

"ඊළඟ දවසේ ඔවුන් කිව්වා, ඇයට ගෙදර යන්න පුළුවන් කියලා..."

"නමුත් දවස් හතරකට පස්සේ ඇයට හුස්ම ගන්න අපහසු වුණා, අපි ඉන් අනතුරුව ගිලන් රථයකට කතා කළා..."

ඇගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ඇයට සිය දරුවා දැක ගැනීමට නොහැකි වූ අතර ඇය ඔහුගේ ඡායාරූප පමණක් දැක තිබුණා.

"ඇය සැබැහින්ම සතුටු වුණා. හෙදියන් විසින් දරුවාගේ ඡායාරූපයක් ලබාගෙන ඇය වෙත දුන්නා.." ඇගේ සැමියා සංවේදීව සිහිපත් කරනවා.

"ඇය ඒ පින්තූරය බලලා කිව්වා, මේ අපේ බබා, මම ඉක්මනටම ගෙදර එන්නම් කියලා.. ඒ තමයි අන්තිමට ඇය කියපු දේ.."

Dailymail ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top