ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම, මැයි 15 දක්වා දිගුවෙයි
Saturday, 25 April 2020 - 10:34 | Views - 1,323
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වීම ඊට හේතුව බවයි.
කෙසේ වෙතත් රජයට සහය දැක්වීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා සැපයීම සඳහා ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා, පවතින ලෝක ව්‍යාප්ත ජාලය අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළා.
වැඩිදුර තොරතුරු සහ පැහැදිළි කිරීම්, මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කරගැනීමෙන් සහ ළඟම ඇති ශ්‍රී ලංකන් කාර්යාලය වෙතින් මෙන්ම 011 7 77 19 79 යන දුරකථන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබාගත හැකියි.
Share This Article