යාපනය,මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් තිබු පුද්ගල මළ සිරුරක් සොයාගැනේ
Saturday, 25 April 2020 - 9:59 | Views - 613
වලිකාමම්,නැගෙනහිර ප්රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනය,තොණ්ඩමන්ආරු,මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අද(25) උදැසන පොලිසියට ලැබුණු තොරතුරක් මතයි මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ.
පොලිසිය පැවසූවේ අදාළ ප්රාදේශීය සභා සභිකයා අතුරුදහන්ව ඇති බවට ඥාතීන් ඊයේ (24) සවස පොලිසිය වෙත පවසා ඇති අතර, එහිදි අතුරුදහන්වු තැනැත්තාගේ යතුරුපැදිය,ජංගම දුරකථනය හා ජාතික හැදුනුම්පත යාපනය,තොණ්ඩමන්ආරු,මයිලන්තනෙයි හින්දු සුසාන භූමිය අසළ තිබියදී පොලිසිය විසින් සොයාගත් බවයි.
මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්රාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
Share This Article