නිතර නිතර සුපිරි චිත්‍රපට හරහා එළියට එන බොලිවුඩ් තරු කොරෝනා නිසා නිවාඩුව ගෙවන හැටි මෙන්න
කොවිඩ් 19 වෛරසය ඉන්දියාවේ පැතිර යාම වැලැක්වීම සඳහා ඉන්දියානු රජය විසින් ගන්නා ලද එක් පියවරක් වනුයේ චිත්‍රපටි හෝ දැන්වීම් රූගත කිරීම සහ සංදර්ශන පැවැත්වීම අත් හිටුවන ලෙස නියෝග කිරීමයි.
ඒ අනුව බොලිවුඩ් තරු සිය නිවෙස් වලටම වී පවුලේ අය සමග ස්වයං නිරෝධානය කාලය ගත කරනවා.
ඔවුන් මෙම විවේක කාලය යොදා ගන්නේ සිය මග හැරුණු විනෝදාංශ වල යෙදීමට පමණක් නොව සමාජ වෙබ් අඩවි හරහා ජනතාව නිරෝධායනයට පොළඹවන්නට ද, වෛරසය නොවැළදී ආරක්ෂා වන අකාරය කියා දෙන්නට ද උත්සහා දරමිනුයි.
ඔවුන් වැඩි දෙනක් පවසන්නේ කාර්යබහුලත්වය නිසා අමතක කර දමන සියල්ල ,මතක් කරගන්නට මේ කාලය බවයි.
සයිෆ් අලි ඛාන්
සයිෆ් අලි ඛාන් කියන්නේ ඔබ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන නළුවෙක් බව දැනටමත් ලෝකයම දන්නවා.
ඔහු 1992 වසරේ බොලිවුඩ් චිත්‍රපට හරහා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.
ඔහුට සම්මාන කිහිපයක් මෙන්ම නාමයෝජනා රාශියක් ලැබී තිබෙන අතර ඔහු දිගටම චිත්‍රපටවල රඟපෑම පමණක් නොව, ඔහුගේම නිෂ්පාදන සමාගමක් වන 'ඉලුමිනාටි ෆිල්ම්ස්' ආරම්භ කර ඇත.
ඉතින් ඔයලා මේ කෙටි විස්තරයත් සමග කැමති ඇති ඔහු කොරෝනා නිවාඩුව ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න,දැන් වෙලාව එකටයි.
සයිෆ් අලිඛාන් ඉටිපන්දම් වලින් ආලෝකමත් කරන ලද සිය අධ්‍යනය කාමරයේ පුටුවක බොහෝ නිසංසලව වාඩි වී පොතක් කියවන ඡායාරූපක් සිය ඉන්ස්ටග්‍රෑම් අඩවියට එක් කරමින් "මට පෙන්නේ මෙයා නිවාඩු කාලයම පොත් එක්ක ගෙවයි වගේ" යැයි "කරීනා කපුර් ඛාන්" සදහන් කර තිබෙනවා.
අනපේක්ෂිත ලෙස ලැබුණු නිවඩු කාලයෙන් වැඩි කොටසක් කරිනා ගත කරන්නේ සමාජ මාධ්‍ය සමගයි,එහෙත් සයිෆ් ගේ ලොකුම විනෝදාංශය පොත් කියවීමයි.
ආලියා භාත්
"ආලියා භාත්" ගැනත් ඔබට විශේෂයෙන් කිය යුතු නැහැ ..ඇයත් ඔබ ආදරය දිනාගත් සුපිරි බොලිවුඩ් නිළියක්නෙ.
ඇය කොරෝනාවේ මොකද කරන්නේ කියලා දැනගන්න ඔයාලා කැමති ඇති.
මේ දිනවල ඇයත් පොතක් කියවමින් සිටිනවා.
එම පොතේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කරමින් ඇය පවසා තිබෙන්නේ "ගෙදරට වෙලා පොතක් ඉවරකරනවා" යනුවෙනුයි.
අනෙක් අයටද පොතක් සමග කාලය ගත කරන මෙන් ඇය පවසා තිබෙනවා.
සිද්ධාර්ත් මල්හෝත්‍රා
"සිද්ධාර්ත් මල්හෝත්‍රා"පසුගිය දවස් වල බොලිවුඩ් තිරයේ නැතුවම බැරි චරිතයක් වුණු බව අපි කවුරුත් දන්න දෙයක්.
මොහු රංගනයෙන් දායකත්වය ලබා දුන් සෑම චිත්‍රපටයක්ම අතිශය ජනාදරයට පත් වුණා.
ඉතින් මුළු ලෝකයක්ම දන්න කෙනෙක් වැඩිය කතා කියන්න දෙයක් නෑ. කොරෝනා අස්සේ ඔහු මේ දවස් වල මොකද කරන්නේ කියලා ඔයාලා දැනගන්න කැමති ඇති නේද..
සාමානය ඇදුමකින් සැරසුණු සිද්ධාර්ත් සෙටියක බොහොම පහසුවෙන් වාඩි වී එක අතක තේ කෝප්පයක් ද ඇතිව පොතක් කියවන ඡායාරූපයක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් අඩවියේ පළවී තිබෙනවා.
"කරන්න ඕනේ කියලා හිතුවා,ඒත් කාලය නැති නිසා කරන්න බැරි වුණු දේවල් කරන්න මේ කාලය යොදාගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.අපි පොත් කියවමු.. තව මගහැරුණු විනෝදාංශ වලට හිත යොමු කරමු..පවුලේ අය එක්ක වැඩි පුර කාලය ගත කරමු..හැබැයි මේ ඔක්කොම කරන්න ඕනේ තමනුත් ආරක්ෂා වෙලා අනිත් අයත් ආරක්ෂා කරන අතරේ..මම ඔයාලට හරි ආදරෙයි යාළුවනේ..ඒ හින්දා හුඟක් පරිස්සම් වෙන්න.. නිතර නිතර හොඳින් අත් සෝදන්න පුරුදු වෙන්න"
ඔහු ලෝකෙටම ආදර්ශයක් වෙමින් මේ අකාරයෙන් ඔහුගේ නිවාඩුව ගත කරයි.