මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට
Saturday, 25 April 2020 - 8:40 | Views - 772
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, දිවයිනේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ මාර්තු 11 වන දා සිට මාසයක් ඇතුළත එනම් අප්‍රේල් 12 වන දා වන විට ආසාදිත සංඛ්‍යාව 200 ක් ලෙස වාර්තා වුණා.

ආසාදිතයන් සංඛ්‍යාව එතැන් සිට 400 ඉක්මවා තවත් 220කින් ඉහළ ගොස් ඇත්තේ දින 12ක් ඇතුළතයි. එමෙන්ම, මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 109 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබෙනවා.

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 304ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ඒ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාඩු ලබා ගිය සෙබලූන් පස් දෙනෙකු ඇතුළු නාවික හමුදා සාමාජිකයන් 65 දෙනෙකු සිටින බවයි.

එමෙන්ම, රෝහල් ගත කළ මරදාන ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක ද ඊට අයත් වුණා.

මේ අතර, මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් හා උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීමට ගෙන යන වැඩසටහනට සහය ලබාදෙමින් මෙම උපකරණ තොගය ලබාදී ඇති බවයි.

මේ අතර, මහජන චීන සමූහාණ්ඩුව වෙතින් නාවික හමුදාව විසින් සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් හා උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීමට ගෙන යන වැඩසටහනට සහය ලබාදෙමින් මෙම උපකරණ තොගය ලබාදී ඇති බවයි.

ඒ අනුව ආරක්ෂිත කබා, මුහුණු ආවරණ, අත්වැසුම්, ආරක්ෂක කණ්නාඩි, පුද්ගල උෂ්ණත්ව බැලීමේ උපකරණ ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් සහ උපකරණ තොගයක් මෙලෙස නාවික හමුදාව වෙත ලබා දී තිබෙනවා.

මේ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට ඊයේ තීරණය කෙරුණා.

ඒ එහි කාර්යාල කාර්ය සහායකයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන සෙබලෙකුගේ නිවස අසල පදිංචිකරුවෙකු වීම හේතුවෙන්.

මේ අනුව, අදාළ පුද්ගලයාගේ වෛද්‍ය වාර්තා ලැබෙනතුරු මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top