ට්‍රම්ප්ගේ කොරෝනා ප්‍රතිකර්මය ගැන, විෂබීජ නාශක සමාගම්වලින් අනතුරු ඇඟවීමක්
Saturday, 25 April 2020 - 8:31 | Views - 1,568
කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා විෂබීජනාශක එන්නත් කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිළ මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශයට ලොව පුරා වෛද්‍ය අංශවලින් මෙන්ම විෂබීජ නාශක නිෂ්පාදන සමාගම්වලින් ද දැඩි විරෝධය පළ වී තිබෙනවා.

වෛද්‍ය අංශ විසින් එය සිනහ උපදවන කරුණක් ලෙස බැහැර කළ අතර, ලොව ප්‍රමුඛ පෙළේ විෂබීජ නාශක නිෂ්පාදන සමාගමක් වන රෙකිට් බෙන්කීසර් ප්‍රකාශ කළේ.

කිසිදු තත්ත්වයක් යටතේ සිය නිෂ්පාදන ශරීරයට එන්නත් නොකළ යුතු බවයි. විෂබීජ නාශක අනතුරුදායක ද්‍රව්‍ය වන අතර, ඒවා ශරීරයට එන්නත් කිරීම විෂ සහිත වනු ඇති.

ඒවා පිටතින් පවා සම, ඇස් සහ ශ්වසන පද්ධතියට ස්පර්ශවීම අනතුරු දායක බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මේ නිසා අදාළ විෂබීජ නාශක නිෂ්පාදන එන්නත් කිරීම හෝ වෙනත් ආකාරයකින් ශරීරය තුළට ඇතුළු කිරීම අනතුරුදායක වන අතර ඒවා අදාළ නිෂ්පාදනවල ලේබලයේ සදහන් මාර්ගෝපදේශ අනුව භාවිත කරන ලෙසයි විෂබීජ නාශක රැසක් නිෂ්පාදනය කරන එම සමාගම අවධාරණය කළේ.

ජනපති ට්‍රම්ප් මෙම හාස්‍යජනක නිර්දේශ ඉදිරිපත් කළේ ඇමරිකාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 52,000 ඉක්මවද්දීයි.

එරට මුළු ආසාදිත සංඛ්‍යාව ද නව ලක්ෂ 24,000 ඉක්මවා තිබෙනවා.

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් විසි අට ලක්ෂ 27,981ක් වාර්තා වන අතර, සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 97,074ක්.

මේ අතර, කොරෝනා වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් චීනය තුළ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිදුකෙරෙන ඉල්ලීම් චීන රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ චීන තානාපති චෙන් වෙන් සඳහන් කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සම්බන්ධයෙන් චීනයට එල්ල වන චෝදනා දේශපාලන අරමුණු ඇතිව ඉදිරිපත් කරන ඒවා බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top