ඉඟිනියාගල වනජිවි නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට 4ක් රිමාන්ඩ්
Saturday, 25 April 2020 - 8:19 | Views - 924
ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වැටලීමක් අතරතුරදී ඉඟිනියාගල වනජිවි නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් ඊයේ මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 22 වනදා රාත්‍රියේ දඹගල්ල පොලිස් වසමේ - ගල්ඔය ජාතික වනෝද්‍යානයේ දී දඩයක්කරුවන් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකදී වයස අවුරුදු 25 ක වනජිවි නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්වුණා.
Share This Article