දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
Saturday, 25 April 2020 - 6:39 | Views - 630
දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් මෙම මස 26 වනදායින් පසුව බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වලට
පස්වරු 2ට පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව, කළුතර, නුවරඑලිය, ගාල්ල සහ මාතර පළාත්වලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මිදුම් සහිත තත්වයක් බලාපොරොත්තු විය හැකිය.
Share This Article