සෞඛ්‍ය ඇමතිට එජාපයෙන් දොස් - පොහොට්ටුවෙන් රාජිතට චෝදනා
Friday, 24 April 2020 - 20:21 | Views - 820
අප්‍රේල් 19 ට පෙර කොරෝනා වෛරසය පාලනය කරන බවට ප්‍රකාශ කළ ද එය සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබලවේගය පවසනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳව සිදුකළ විවේචන වලට ද ඔහු පිළිතුරු ලබා දුන්නා.
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියා නම් රටෙහි ලොකු විපතක් සිදුවන බවයි.
ඉදිරියේදී ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ද සිදුකළ යුතු බවයි ඔහු සඳහන් කළේ.
Share This Article