කොරෝනා තොරතුරු හෙළි කළ සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් අත්අඩංගුවට
Friday, 24 April 2020 - 19:33 | Views - 1,729
අද දිනයේ ගත වූ කාල සීමාව තුල ලොව පුරා කොරෝනා ආසාදියන් 13,129 දෙනෙකු අලූතින් වාර්තා වීමත් සමග ලොව පුරා මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,736,173 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ද 191,422 දක්වා ඉහළ ගොස් ඇත්තේ මරණ 503ක් අලූතින් වාර්තා වීමත් සමගයි.
තවදුරටත් ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වන 886,709 දෙනෙකු වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්.
එහි මරණ සංඛ්‍යාව 50,243ක්.
අසල්වැසි ඉන්දියාවෙන් ද ආසාදිතයන් 463 දෙනෙකු අලූතින් හඳුනා ගැනීමත් සමග මුළු ආසාදිත සංඛ්‍යාව 23,502ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට මුළු මරණ සංඛ්‍යාව 722ක්.
මේ අතර, කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව සහ තොරතුරු හෙළිදරව් කිරීමේ චෝදනාව මත සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමේ පුවතක් අද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
35 හැවිරිදි අදාළ කාන්තාව රාජ්‍ය රහස් පනත හා පරිගණක අවභාවිත පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, කොරෝනා පිළිබඳ තොරතුරු නිල වශයෙන් ප්‍රසිද්ධ කිරිමට පෙර ඇය ඒවා වී චැට් සමූහයක සාමාජිකයන් සමග හුවමාරු කර ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
Share This Article