වැලිසර කඳවුරේ තවත් සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි
Friday, 24 April 2020 - 18:08 | Views - 956
වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ අනුව එම කඳවුරේ 60 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
හෙට දිනයේදීත් වැලිසට නාවික හමුදා කඳවුරේ සෙබලුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි යුද හමුදාපතිවරයා කියාසිටියේ.
මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරොධායන කටයුතුවලින් පසු 10 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
මේ අනුුව පසුගිය කාලය තුල නිරෝධායනය වී නිවෙස් වෙත පිටත්ව ගිය සංඛ්‍යාව 4376ක්.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ අද දිනය වන විට 2869 දෙනෙකු තවදුරටත් මධ්‍යස්ථාන 29ක නිරෝධායනය වෙමින් සිටින බවයි.
Share This Article