වැලිසර කඳවුරේ තවත් සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වෙයි
Friday, 24 April 2020 - 18:08 | Views - 957
වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව එම කඳවුරේ 60 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

හෙට දිනයේදීත් වැලිසට නාවික හමුදා කඳවුරේ සෙබලුන්ගේ පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි යුද හමුදාපතිවරයා කියාසිටියේ.

මේ අතර පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරොධායන කටයුතුවලින් පසු 10 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මේ අනුුව පසුගිය කාලය තුල නිරෝධායනය වී නිවෙස් වෙත පිටත්ව ගිය සංඛ්‍යාව 4376ක්.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ අද දිනය වන විට 2869 දෙනෙකු තවදුරටත් මධ්‍යස්ථාන 29ක නිරෝධායනය වෙමින් සිටින බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top