මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 379 දක්වා ඉහලට
Friday, 24 April 2020 - 17:26 | Views - 565
අද දිනයේ මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 11 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඔවුන් 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිවාසවල නිරෝධායනයට ලක්වෙමින් සිටින කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 379ක්.
මේ වන විට වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 107ක්.
ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිත මරණ 7ක් වාර්තාවී තිබෙනවා.
Share This Article